මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.
අපි ඉගෙන ගන්නේ අඩුපාඩු මැද්දේ...! 
භික්‍ෂු සිසුහු "දිවයින" ට කියති


හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි සූරියවැව, අලිඔළු ආර ශ්‍රී විජිතාලෝක පිරිවෙන දිස්‌ත්‍රික්‌කයේ ඇති සිසුන් වැඩි ප්‍රමාණයක්‌ ඉගෙනුම ලබන විශාලතම පිරිවෙනකි.

මහානාග යුව රජතුමන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන පැරකුම් රජමහා විහාරස්‌ථානයේ මෙම පිරිවෙන පවත්වාගෙන යනු ලබයි.

1998 වසරේ සිසුන් කිහිප දෙනකුගෙන් ආරම්භ කරන ලද මෙම පිරිවෙනෙහි මේ වන විට ගිහි, පැවිදි සිසුහු අසූපහක්‌ පමණ අධ්‍යාපනය ලබති.

මෙතරම් සිසුන් ප්‍රමාණයක්‌ අධ්‍යාපනය ලැබුවත් මෙම පිරිවෙනෙහි අඩු පාඩු රැසක්‌ පවතින බව පරිවේණාධිපති හිමියෝ සහ සිසුහු පවසති.

මේ අඩුපාඩු පිළිබඳව සූරියවැව ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී, සූරියවැව අලිඔළුආර ශ්‍රී විජිතාලෝක පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී, පැරකුම් රජමහා විහාරාධිපති, සාමවිනිසුරු, ගැටමාන්නේ විජිත හිමියෝ මෙසේ අදහස්‌ පළ කළහ.
මේ පිරිවෙනෙහි පැවිදි භික්‍ෂු ශිෂ්‍යයන් හැත්තෑවක්‌ හා ගිහි සිසුන් පහළොවක්‌ පමණ අධ්‍යාපනය ලබනවා. පළමු ශ්‍රේණියේ සිට අපොස උ. පෙළ දක්‌වා මෙහි පංති පැවැත්වෙනවා. බොහෝ දුෂ්කරතා හා අඩුපාඩු මධ්‍යයේයි මම මේ පිරිවෙන පවත්වාගෙන යන්නේ.

මෙම පිරිවෙනෙහි ඇති ප්‍රධානතම අඩුපාඩුව වන්නේ පංති කාමර ගොඩනැගිලි නොමැතිකමයි. පංති බොහෝමයක්‌ පවත්වන්නේ පන්සල් මිදුලේ හා ගස්‌යටයි. උසස්‌ පෙළ පංතිය කුඩා පොල් අතු මඩුවක පවත්වනවා. තවත් පංති කිහිපයක්‌ නේවාසිකාගාරයට පිවිසෙන කොරිඩෝවේ පවත්වනවා. වැසිදාට පංති පැවැත්වීමට හැකියාවක්‌ නැහැ.

භික්‍ෂූන් වහන්සේලාගේ දාන මාන කටයුතු සඳහා බොහෝ විට ඉවුම් පිහුම් කටයුතු කරන්නේ විහාරස්‌ථානයේමයි. ඊට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සෑහෙන වියදමක්‌ දරන්න වෙනවා. දැනට තිබෙන දාන ශාලාවද කුඩායි. මෙහි සිටින භික්‍ෂූන්ට ප්‍රමාණවත් නැහැ.

ගුරුවරයකු වන යූ. එස්‌. වයි. ඒ. ජනක මහේෂ් මහතා - මෙහි තිබෙන වැසිකිළි කැසිකිළි ප්‍රමාණවත් නැහැ. ඒ වැසිකිළිත් මේ වන විට අබලන් වෙලා. පංති සඳහා ඩෙස්‌ පුටුවලද අඩුවක්‌ පවතිනවා. ඒ වගේම භික්‍ෂු නේවාසිකාගාරයද ප්‍රමාණවත් වන්නේ නැහැ.

ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ නමක වන දළුක්‌කැටියේ විජිතාලංකාර - වැසි දිනට අපට ඉගෙන ගන්න විදියක්‌ නැහැ පංති කාමර ගොඩනැගිල්ලක්‌ නැති නිසා. මේ ප්‍රදේශයෙන් වගේම පිට ප්‍රදේශවලිනුත් ගිහි පැවිදි සිසුන් මෙම පිරිවෙනට පැමිණෙනවා. මෙම ලිපිය පළවුණාට පස්‌සෙවත් රජයෙන් හෝ පරිත්‍යාගශීලින් මෙම පිරිවෙනේ අඩුපාඩු සකස්‌ කරලා දෙයි කියලා මම හිතනවා. එය මහත්වූ පුණ්‍යකර්මයක්‌. 


ලිපිනය විහාරාධිපති, පූජ්‍ය ගැටමාන්නේ විජිත නාහිමි, ශ්‍රී විජිතාලෝක පිරිවෙන, පැරකුම් රජමහා විහාරය, අලිඔළුආර, සූරියවැව. 

දුරකථනය. 0776666182.
පරිවේණාධිපති පූජ්‍ය ගැටමාන්නේ 
විජිත නාහිමි.

සටහන හා ඡායාරූප - නෝනාගම මතඟවීර