මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

දානය වනාහි ...

දානය වනාහි තමා සතු යමක් අනුන්හට අනුකම්පායෙන් හෝ පූජා අදහසින් හෝ නො මසුරු ව දීමයි. එය උසස් මනුෂ්ය ධර්මයෙකි. මිනිසුනට ම හිමි හොඳ ගුණයෙකි. දීම ගිහියන් විසින් අවශ්යයෙන් ම පැවැත් විය යුතු ශිෂ්ට ගුණයක් වන බැවින් මෙයට ගිහිධම්ම ය යි බුදුරජාණන් වහන්සේ නම් කළ සේක. මෙය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නටත් පෙර මනුෂයයන් ශිෂ්ට වන්නට පටන් ගත් කාලයේ සිට ම උතුම් මිනිස් දහමෙකැ යි සම්මත විය. මෙයින් ලෝ වැස්සන්ගේ සිත් සැනසෙන මෙළෙක් වන ඔවුන් සමගි වන අනුකූල වන හෙයිනි.
දෙන තැනැත්තේ අනුන්ගේ දුක දැක කරුණාවෙන් හෝ ගුණ දැක ප්රසාදයෙන් හෝ මෙළෙක් ව මසුරුමල හැර සතුටින් යමක් දී, වැඩි වැඩියක් අනුකූල වූ මෙළෙක් වූ සතුටු සිත් ඇත්තෙක් වේ.
ලබන තැනැත්තේ ද වුවමනා දේවල් ලැබීමෙන් පී්රතියට පත් ව සැනැසී මෙළෙක් ව අනුකූල භාවයට පැමිණේ. මෙසේ ලෝ වැස්සන් අතර මිත්රත්වය අනුකූලතාව සමගිය ඇති වීමට ත්, දායකයන්ගේ (=දෙන අයගේ) ලෝභාග්නියත් ප්රතිග්රාහකයන්ගේ (=පිළිගන්නන්ගේ) ශෝකාග්නියත්, දුඞඛාග්නියත් හා ක්රෝධාග්නියත් නිවී සැනැසී සමගියෙන් සතුටින් කල් යැවීමටත් සැහැසි කුරිරුකම් නෙරපා රට සෙමෙහි පැවැත්මටත් මේ දානය ඉවහල් වේ. එහෙයින් හැම ආගමිකයෝ ම මෙහි ගුණ වනති.
දානය ආය්ය¡ ශිෂ්ටාචාරයෙකි
දානය නොහික්මුණුවන් හික්මවන්නකි. හැම උසස් බලාපොරොත්තු සිදු කර දෙන මහඟු ගුණයකි. දීමෙන් දායකයෝත් පි්රය වචනයෙන් පි්රය බස් කථා කරන්නෝත් උසස් වෙති. දීමෙන් හා පි්රය වචනයෙන් සංග්රහ ලැබූවෝ දායකයනට හා පි්රය කථා කළ අයට අවනත වෙති - යනු බුදු බණයි. නපුරු තිරිසනුන් කෑම දීමෙන් හීලා කර ගත හැකියා සේ දුර්දාන්තයන් මෙයින් දමනය කට හැකි බව පෙනේ.
දානයට හිමි තැන
දානය වනාහි බුදුවීමට උපකාර වන දසපාරමී ධර්මයන් අතුරෙන් පළමු වැන්න වේ. සද්ධා සම්පදාදීන් අතුරෙන් තෙවැන්න වේ. දශ පුණ්යක්රියා වස්තූන් අතුරෙන් පළමු පුණ්ය ක්රියාව වේ. දස රාජධර්මයන් අතුරෙන් පළමු රාජධර්මය වේ. වැසියන්ගේ සිත් ගන්නා සතර සංග්රහ වස්තූන් අතුරෙන් පළමුවැන්න වේ. මෙලෝ පරලෝ දියුණුවට හේතු වන බැවින් මංගල කරුණක් ද වේ. මසුරුකම දැඩි ලෝභය නමැති කෙලෙසිලි දුරු කොට සිත සරසන බැවින් “චිත්තාලංකාර” යයි ද මඟපල ආදිය හටගන්නට සිත සකසන ගුණ වෙසෙසක් බැවින් “චිත්තපරිෂ්කාර” යයි ද දානයට නමෙකි. සාමාන්යයෙන් දානයෙන් කෙළින් ම දෙව් ලොව හා මිනිස් ලොව සැප සම්පත් ලැබේ. එහෙත් බඹලෝසුව හා ලොවුතුරා නිවන්සුව ලැබීමට ද මෙය උපකාර වේ. පූර්වභාග ශමථ විදර්ශනා ප්රස්තාවයෙහි කාමච්ඡන්දනීවරණය නෙරපීමට ඉවහල්වීමෙනි.
බෝසතුන් දුන් දානයෙහි විපාක
ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් තුනින් ඉතා සෙමින් ඉවත්වන සුලු වූ හෙවත් ක්රමයෙන් සතර මගින් ම අවධි වශයෙන් නසා ලිය යුතු වූ බලගතු අකුසල් මූල නම් ලෝභය යි. එය සහමුලින් නැසෙන්නේ සතර මාර්ගඥානයෙන් වුව ත් පූර්වභාගයෙහි එය දුබල බවට පැමිණෙන්නේ නොයෙක් රජාතීන්හි පුරුදු කළ දානමය කුසල බලයෙනි.
අප බුදුරජාණන් වහන්සේ බෝසත් කල්හි දන් පැරුම් පිරූ සමයෙහි උන් වහන්සේගෙන් යමක් නොලදුවෙක් මුළු සසර ම මුළු තුන් ලොව ම නැතැයි කියයුතු තරම් ය. එබැවින්ම බුදු වූ පසු උන්වහන්සේ තුන් ලොවට එක ම මිත්රයාණෝ වූහ. බොහෝ දෙනා එළදෙනක පසු පසුසේ ලුහුබැඳ යන වස්සන් මෙන් උන්වහන්සේ කරා ම දිව ආවාහ. උන් වහන්සේට කීකරු ව අවනත වන්නෝ වූහ.
දනින් දෙව්සැපත් විඳිමැ’යි සිතා 
1. යමෙක් තමන් සිතූ දෙයින් දන් දේද, අනුන් සමාදන් නොකරවයි ද ( සම්බන්ධ කර නොගනීද) හෙතෙමේ උපන් උපන් තන්හි භොග සම්පත් ලබයි. පරිවාර පිරිවර) සම්පත් නොලබයි.
2. යමෙක් තමන් සතු දෙයින් දන් නොදේද අනුන් සමාදන් කරවයි ද හෙතෙමේ උපනුපන් තන්හි පරිවාර සම්පත් ලබයි. භොග සම්පත් නොලබයි.
3. යමෙක් තමන් සතු දෙයින් දන් දේද අනුන් සමාදන් කරවයි ද හෙතෙමේ උපන් උපන් තන්හි සොයා සම්පතුත් පරිවාර සම්පතුත් ලබයි.
4. යමෙක් තමන් සතු දෙයින් දන් නොදේද අනුන් සමාදන් නොකරවයි ද නොහොත් අනුන් දෙන දනුත් වළක්වයි ද හෙතෙමේ උපන් උපන් තන්හි භෞගසම්පතුත් නොලබයි. පරිවාර සම්පතුත් නොලබයි. සසරැ ගමනේදී භාග්යසම්පන්නව කල් යැවීමට මේ භොග පරිවාරාදි සම්පතුත් වුවමනා මයි.
අසත්පුරුෂ දාන
1. යමෙක් දන් නොසකස් කොට දේ ද, හෙවත් සාදරයෙන් පිළියෙළ නො කොට, දෙන දෙය කෙරෙහිවත් පිළිගන්නහු කෙරෙහි වත් අමුතුවෙන් සකස් කිරීමක් නැතිව දේ ද 2. දෙන දෙය හා එය පිළිගන්හුට අගෞරව කොට දේ ද, 3. සියතින් නොදී දැසි දසුන් ලවා දේ ද. 4. දමා පියන දෙයක් මෙන් කලාතුරකින් දේ ද. 5. කම්පල නොඅදහා දේ ද යන මොවුහු අසත්පුරුෂ දානයෝ වෙති.
සත්පුරුෂ දාන
1. යමෙක් දන් සාදරයෙන් පිළියෙළ කොට දේ ද, 2. දෙන දෙය කෙරෙහි ත් පිළිගන්නවුන් කෙරෙහි ත් සැලකිල්ලක් ගෞරවයක් ඇති ව දේ ද. 3. අනාදිමත් සංසාරයෙහි මා අත් පා නැති ව උපන් කල් ප්රමාණයක් නැත, එ බැවින් සිය අතින් දුන මැනැවැ යි තමන්ගේ අතින් ම දේ ද, 4. හවුරුද්දෙන් පල දෙන සොඬල වැල් සෙයින් කලාතුරකින් නො දී නිතර ම පාහේ දේ ද, 5. කර්ම කර්මවිපාක අදහා දේ ද යන මොවුහු සත්පුරුෂ දානයෝ නම් වෙති.
බෝධිසත්වාදි උත්තමයෝ වණ පිළියල් ඇති පිළිකුල් බැගෑ පත් දුගියකුට වුවත් දෙන දෙය සකසා පිළියෙළ කොට වෙතට ගොස් සාදරයෙන් සුව දුක් විචාරා මෙළෙක් බසින් සිත් සනසා සියතින් ම දෙති. එයින් මේ දානය නමැති පුණ්ය ක්රියාවට ගරු කළාත් වේ. තමන් හා අනුන් ගේ සිත්සතන් මෙළෙක් කළාත් වේ.
පුද්ගලික දානානිසංස
1.තිරිසන් සතකුට දන් දීමෙන් ජාති සියයක ආයුෂ වර්ණ, සැප, බල, ප්රඥා යන අනුසස් ලැබේ.
2. පෘථග්ජන දුශ්ශීලයකුට දන් දීමෙන් ජාති දාහක් අනුසස් ලැබේ.
3. පෘථග්ජන සිල්වතකුට දන් දීමෙන් ජාති ලක්ෂයක ආනිසංස ලැබේ.
4. කාමයන්හි පහ වූ ආසා ඇති බුදුසස්නෙන් පිටත්හි වූ තාපසයකුට දෙන දානයක් ජාති කෙළ ලක්ෂයක අනුසස් ලැබේ.
5. සෝවාන් වීමට ප්රතිපත්ති පුරන්නකුට දෙන දානයෙන් අසංඛ වූ අප්රමෙය්ය වූ අනුසස් ලැබෙයි.
6. සෝවාන් වූ පුද්ගලයකුට දෙන දානයෙහි ආනිසංස ගැන කියනු කිම?
7. සකෘදාගාමි වීමට ප්රතිපත්ති පුරන පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
8. සකෘදාගාමී වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
9. අනාගාමී වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
10. අනාගාමි වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
11. රහත් වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
12. රහතන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?.
13. පසේ බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
14. සම්යක් සම්බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනුම කිම? (ක්රමයෙන් පින් වැඩිවේ)
සංඝගත දක්ෂිණා සත
බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා හට දන් දේ ද, මෙය පළමු වූ සංඝික දානයයි. 2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වදාළ කල්හි භික්ෂු භික්ෂුණි යන උභතො සංඝයාහට දන් දේ ද මෙය දෙවැනි වූ සාංඝික දානයයි. 3. (ගණනින් නො පිරිසිඳින ලද) භික්ෂු සංඝයා හට දන් දේ ද, මෙය තුන්වැනි වූ සාංඝික දානය යි. 4. භික්ෂුණී සංඝයා හට දන් දේ ද, මෙය සතරවැනි වූ සාංඝඝික දානයයි. 5. මට භික්ෂු භික්ෂුණී සංඝයා කෙරෙන් මෙතෙක් භික්ෂූන් ද උදෙසුව මැනවැයි (නියම කරනු මැනැවැ) යි. (එසේ නියම කරවා ගෙන) දන් දේ ද ;මය පස්වැනි වූ සාංඝික දානය යි. 6. මට මෙතෙක් භික්ෂූන් සංඝයා කෙරෙන්උදෙසුව මැනවැයි දේ ද මෙය සවැනි වූ සාංඝික දානයයි. 7. මට මෙතෙක් භික්ෂුණීන් සංඝයා කෙරෙන් උදෙසු මැනවැයි දන් දේ ද මෙය සත්වැනි වූ සාංඝික දානය යි.
සාංඝික දානය ශ්රේෂ්ඨ බව
අනාගත කාලයෙහි දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තා වූ නම් පමණින් ශ්රවණ වූ කාසාවකණ්ඨක නම් පිරිසක් ඇති වන බව භාග්යවතුන් වහන්සේ වදාළ සේක. කාසාවකණ්ඨකයෝ නම් එක් කාසාය වස්ත්ර කැබැල්ලක් අතෙහි හෝ බොටුවෙහි හෝ බැඳ හැසිරෙන්නෝ ය. ඔවුහු ශ්රමණ පරම්පරාවෙන් ඇති වන්නෝ ය. ඔවුහු අඹු දරුවන් පෝෂණය කරති. ගොයිතැන් වෙළෙඳාම් ආදිය ද කරති. ඒ දුශ්ශීලයනට ද සංඝරත්නය උදෙසා දනක් දෙන්නෙමු යයි යමෙක් මහ සඟුරුවන ගැන සිත පහදවා ගෙන දනක් දෙන්නේ ද ඒ සංඝික දානය ද අසංඛ්ය වූ අප්රමෙය්ය වූ ආනිසංස ගෙන දෙන බව ත්, සංඝගත (සංඝික දානයට) වඩා පුද්ගලික දානය කිසි ආකාරයකින් වඩා මහත්ඵල යයි නො කියන බව බුදුරජාණන් වහන්සේ අනඳ මාහිමියනට වදාළහ .
කාසාවකණ්ඨක දුශ්ශීලයනට වුවත් භික්ෂු සංඝයා උදෙසා සංඝයාට දෙමැ යි දන් දෙන්නේ ද එකල ඒ සාංඝික දානය සංඛ්යා රහිත වූ ප්රමාණතික්රාන්ත වූ ආනිසංස ඇත්තේ වෙයි. සංඝයා උදෙසා දෙන සාංඝික දානය නම් සංඝයා කෙරෙහි සැලකිලි කරන්නට හැකි වන්නා හට වෙයි. සංඝයා කෙරෙහි වනාහි සැලකිලි කිරීම දුෂ්කර වෙයි.
දානය සංඝික වන හැටි
කාසාවක්ණ්ඨක දුෂ්ශීලයනට වූවත් භික්ෂු සංඝයා උදෙසා සංඝයාට දෙමැ යි දන් දෙන්නේ ද එකල ඒ සංඝික දානය සංඛ්යා රහිත වූ ප්රමාණතික්රාන්ත වූ ආනිසංස ඇත්තේ වෙයි. සංඝයා උදෙසා දෙන සංඝික දානය නම් සංඝයා කෙරහි සැලකිලි කරන්නට හැකි වන්නාහට වෙයි. සංඝයා කෙරෙහි වනාහි සැලකිලි කිරීම දුෂ්කර වෙයි.
යමෙක් වනාහි සංඝික දානයක් දෙමි යි දානවස්තුව පිළියෙළ කොට විහාරයට ගොස් ස්වාමීන් වහන්ස, සංඝයා කෙරෙන් උදෙසා එක් තෙරුන් වහන්සේ නමක් දුන මැනැවැයි කියාද එකල්හි සංඝයා කෙරෙන් සාමණේර නමක් හෝ තෙරුන් වහන්සේ නමක් හෝ ලැබ, ම විසින් සාමණේර නමක් ලබන ලද්දේ යයි වෙනසකට පැමිණේද, ම විසින් තෙරුන් වහන්සේ නමක් ලබන ලද්දේ යයි සොම්නස් උපදවා ද ඔහුගේ දක්ෂිණාව සංඝික නො වන්නේ ය. යමෙක් වනාහි සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු සංඝයා කෙරෙන් ලැබ නොවෙනස් සිත් ඇති ව සංඝයාට දෙමි යි සංඝයා කෙරෙහි සැලැකිලි කරන්නට හැකි වේ ද මහසඟරුවන් කෙරෙහි හිත පහදවා ගන්නට හැකි වේ ද ඔහුගේ දක්ෂිණාව (=දන) සංඝික නම් වේ.
දුප්පත් පොහොසත් වීමට හේතු
යම් ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ මහණ බමුණනට ආහාර පාන වස්ත්ර යාන මල් සුවඳ විලවුන් යහන් ආවාස පහන් යන මෙය නො දෙන්නේ වේ ද ඒ මසුරු කම හේතු කොට ගෙන ඒ පුද්ගලයා මිනිසත් බවට පැමිණි කල ස්වල්ප භෝගසම්පත් ඇත්තෙක් (=දුප්පතෙක්) වේ. මේ නොදීම, මසුරුකම වනාහි දිළිඳු බව ඇති කරන්නේ වේ.
යම් ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ මහණ බමුණනට ආහාර පාන වස්ත්ර යාන මල් සුවඳ විලවුන් යහන් ආවාස පහන් යන මෙය දෙන්නේ වේ ද? ඒ දීම හේතු කොට ගෙන ඒ පුද්ගලයා මිනිසත් බවට පැමිණි කල මහා භෝගසම්පත් ඇත්තෙක් (=පොහොසතෙක්) වේ. මේ දීම වනාහි මහාභෝගසම්පත් ඇති කරන්නේ වේ.
ආමිෂ දානය
ආමිෂ නම් ඇස් කන් ආදි ඉන්ද්රියයනට විෂය වන රූප ශබ්දාදී ගොදුරු යි. තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන මඤ්ඤනාවෝ (=හැඟීම්) වෙති. මේ මඤ්ඤනාවන් වශයෙන්, මාගේ යයි ආශාවෙන් හෝ, මම වෙමි සත්කායදෘෂ්ටියෙන් හෝ, උසස් පහත් සමකම් තකා ගන්නා නවවිධ මානයෙන් හෝ ආමර්ශන පරාමර්ශන කැරෙන බැවින් (=සිතින් සිතන බැවින්) ඒ සදොරට ගොදුරුවන දේවල් ආමිෂ නම් වෙති. ජීවිත පරිහරණයට (=දිවි පැවැත්වීමට) අවශ්යයෙන් ම වුවමනා ඒ ගොදුරු පුහුදුන් සිත් ඇලෙන තැන් වන බැවින් කාමාමිෂයෝ නම් වෙති.
වතු කුඹුරු මුතු මැණික් මිල මුදල් ගෙරි සරක් අඹු දරු ආදි සියලු ම අයත්කම් කියා ගන්නා දේවල් කාමාමිෂ නාමයෙන් ද වස්තුකාම නාමයෙන් ද වහරනු ලැබෙති. විනය පිටකයෙහි: ඒ ආමිෂයෝ පැවිද්දන්ගේ වශයෙන් ඇඳුම් පෙරවුම් සලසන චීවරදානය, කය යැපීම් සලසන පිණ්ඩපාතදානය, සෘතුපද්රවයන් වළක්වා ඉරියව් පහසු සලස්වන සෙනාසනදානය, උපන් ලෙඩ දුක් වළක්වා සුව පහසු සලස්වන ගිලන්පස බෙහෙත් පිරිකර දානය යි සතර වැදෑරුම් වෙති. පැවිද්දනට පිරිනැමෙන තාක් හැම කැප සරුප් දේවල් මේ සිවුපස දනෙහි ඇතුළත් වෙති.
පැහැපත් කොට පඬු පෙවු සිවුරු පිරිකර ආදියෙහි ද, බුදුනට නම්, පූජා වශයෙන් නැගු කුඩ කොඩි සේසත් මල් පහන් ආදියෙහි ද, ගිහියනට නම්, වර්ණසම්පන්න වස්ත්රාභරණයෙහි ද, හොඳ පෙනුම ඇති ගේදොර ඇඳ පුටු යාන වාහනාදියෙහි ද මේ රූපදානය ලැබේ. තුනුරුවනට තුය¸ පූජාදිය පිරිනමන ප්රස්ථාවයන්හි ශබ්ද දානය ද,, පුෂ්ප ගන්ධ ධූම පූජාදිය පිරිනමන ප්රස්ථාවයන්හිත් ආහාරයෙහි සුවඳ දුම් කැවීම් ආදි ප්රස්තාවයන්හි ත් ගන්ධ දානය ද, ආහාර, පූජා ප්රස්තාවයන්හි රස දානය ද සුවපහස් ඇති ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට සිහින් සිනිඳු සිවුරු ආදිය සුවපහස තකා පිදීමෙහිදී ස්ප්රෂ්ටව්ය (ස්පර්ශ) දානය ද ලැබේ.
සුත්ර පිටකයෙහි : ඉධ භික්ඛවෙ එකචේචා දානං දෙති සමනස්ස බ්රාහ්මනස්ස වා පානං වත්ථං යානං මාලා ගන්ධ විලෙපනං සෙය්යා ආවස්ථ පදිපෙය්යං යි වදාළ පරිදි 1. ආහාරය 2. පලතුරු යුෂ උක් යුෂ තැඹිලි ආදි පානවර්ගය 3. වස්ත්රය 4. රථ වාහන දෝලා පල්ලැක්කි වහන් සැරයටි කුඩ ආදි ගමනට පහසු සලසන උපකරණ වර්ග 5. මල් 6. සුවඳ දුම් ආදිය 7. ඇඟ ගානා විලවුන් ය 8. හිඳිනා හෝනා ඇඳ පුටු ආදි සෙනසුන්ය. 9. වාසය කිරීමට ගෙවල්ය 10. තෙල් පහන් වැටි ආදි ප්රදීපොපකරණ යයි දාන වස්තූහු දස දෙනෙක් වෙති. කාව්යශේඛරයෙහි දූ
බත් පැන් වත් යහන
මල් සුවඳ සහ විලවුන
පහනට තෙල් විමල
මෙලෙස දන්වත් සමග වාහන
යි දැක්වුණේත් මේ දශ දානවස්තුහු මැ යි මෙසේ සිවු පස ය. සාරමුණු ය. දස දන්වත් යයි ත්රිපිටක වශයෙන් දැක්වුණු විංශද් (20) වස්තුහු ම ආමිෂයෝ වෙති. කාම වස්තුහු වෙති.
අභය දානය
අභය දානය නම් පස්පවින් වැළකීම යි. එසේ වීමෙන් එක් දෙතුන් දෙනකුට පමණක් මුළු තුන් ලෝ වැසි හැම සත්නට තමාගෙන් බියක් නැති බව - මෙත් කුළුණු සෙනෙහස (-ස්නෙහය) ඇති බව පිරිනැමෙයි . එබැවින් මෙය මහ දනෙකි. අග්රදාන යෙකි. හැම ආමිෂ දානයට වැඩි උතුම් දනෙකැ යි අංගුත්තර අට්ඨකනිපාතෙයි වදාළ සේක. එතෙකුදු නොව, මෙය ඉතා දුගියකු විසින් හැමට ම සම සේ පිරි ඉතිරී යන සේ බෙදා සදා දිය හැකි, යක්ෂ රාක්ෂස සිංහ ව්යාඝ්රාදි චණ්ඩ සත්ත්වයනුදු මිතුරු කට හැකි. සැනැස්විය හැකි බලගතු මහදනෙකි. වේලාම සූත්රාදි දේශනායෙනු දු ඒ බව හෙළි වේ. එබැවින් දරුණු සැහැසිකම් බහුල වූ මේ කාලයෙහි කවුරුත් මේ අභය දානය මොහොතක් පාසා පුහුණු කරත්වා!
පස්පවින් වැළැකීම පමණක් නො ව ලෙඩ දුකින් හෝ සොර සතුරු බියෙකින් හෝ මහවතුරු ගැල්වීමකින් ලැව්ගිනි ආදියෙකින් හෝ අමාරුවට පැමිණියවුන් එයින් මුදාලීම්, මරණයට නියත වූවත් ගලවා ගැනීම්, දුබලයන් පෙළන සැහැසියන් එද බිඳ කුළුණැතියන් බවට පෙරෙළීම්, කඩු කිනිසි තුවක්කු දඬු මුගුරු විෂවර්ගයන් ආදිය නැති කිරීම්, සත්ෙÀවාද්යනාදීන්හි තිරිසන් සතුන් හා සිරගෙවල මිනිසුනු ත්, ඒ සිර බැඳුම් වලින් මුදවා නිදහස දීම් ආදියත් සිල් රැකීමත් මෛත්රී කරුණා භාවනාත්මේ අභය දානයෙහි ම ඇතුළත් වෙති.
ධර්මදානය
ධර්මදානය නම් බණ කියා දීම යි. මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානුශාසන සංඛ්යාත බණදහම් කියවේ. යට දැක්වුණු ආමිෂ දානයෙහි ඇතුළත් අභිධර්මයට අනුව සවැනි දානය වූ ධර්මාලම්බන දානය නො ගැනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්රී මුඛ පාඨයක් ම නො වුවත් යමක් බුද්ධ වචනයට අනුකූල වේ නම්, අවිරුද්ධ වේ නම්, අසා සිටිනුවන්ගේ දෙලොව වැඩ සලසන, නිවන් ලැබීමට හෝ උපනිංශ්රය වන අවවාදයෙක් අනුශාසනයෙක් වේ නම් කවර බසෙකින් කීවත්, කවියෙන් කීවත් එය ධර්ම නම් වේ.
‘ දහමට සරි කොට එළුයෙන් පෙර කී
කවියට සිතු පහදා සිට නිසැ කී’
යන ආදීන් දැක්වෙන සැටියෙන් දර කඩමින් සිටි ස්ත්රියකගේ සිංහල ගීතයක් භික්ෂුන් සැට නමකට නිවන් දැකීමට හේතු වූ බව ප්රකාශ වේ. බෝසතාණන් සේනකාදි පණ්ඩිත වත් නොයෙක් තාපස වත් බණ දෙසූ සැටි ජාතක දේශනාදියෙන් ප්රකාශ වේ.
‘ ධම්මෝ නාම බුද්ධභාසිතො, සාවක හාසිතෝ ඉසිහාසිතො දෙවතාහාසිතෝ - අත්ථුපසංහිතො ධම්මුපසංහිතො යන විනය පදභාජනීය විවරණයෙනු දු බුදුරජාණන් වහන්සේ වදාළත්, බුදුසවු සිවු පිරිස් වැස්සන්, සෘෂීන් කීවත්, දේවතාවන් කීවත්, යමක් පෙළ අටුවාවන්හි ආ බණට සරිලතොත් දෙලොව වැඩ සලසතොත් ඒ අනුශාසනය ධර්ම නම් වන බව ප්රකාශ වේ.
එබඳු වූ බණදහමක් සර්වරාත්රිකාදි විශේෂ මහා දේශනා වශයෙන් හෝ සාමාන්යයෙන් නියමිත දිනයන්හි නියමිත වේලාවක් පැවැත්වෙන ප්රකෘති ධර්මදේශනා වශයෙන් හෝ අවුත් ළඟ හිඳගතුවනට මොහොතක් කැරෙන උපනිෂණ්ණක කථා වශයෙන් හෝ සිවුපැදිගයෙකින් පමණ කැරෙන සුළු අනුමෙවෙනි වශයෙන් හෝ බණ පත් පොත් විසුරුවීම් බණ පොත්ගුල් තැනැවීම්, ධර්මශාලා තැනැවීම්, ධර්ම දේශනා කැරැවීම්, ධර්ම දූතයන් මෙහෙයිම්, බණපද ශිලාලිපි කැරැවීම්, බණ පැන විසඳාදීම්, බණ ඉගැන්වීම්, ඉගෙනීම් ආදි වශයෙන් හෝ නිවන් ලැබීමේ බලාපොරොත්තුවෙන් ධර්ම ප්රචාරය කිරීම ධර්ම දානය නම් වේ.
_________________________________-
දානයේ අනුසස්
ඡත්ර කුඩ පූජාවේ ආනිශංස
ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර - කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.
සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච - හෝමි අපචිතෝ සදා
කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.
මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.
සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම
ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.
උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානÀවය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.
සිවුරු - වස්ත්ර දානයේ අනුසස්
දස්සානි සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභොමි
කම්මානුච්ඡවිකේ මම
ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.
සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම
උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්රතාපවත් වූ ද සිත් පිනවන පි්රයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.
දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං
භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.
ආහාර පාත්ර - භාජන පිදීමේ අනුසස් දහය
පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.
1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස - හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.
තම ශ්රමය යොදා දානාදිය පිළියෙළ කිරීම නිසා ආනිශංස පහක් ලැබූවෙමි
1. කීකරු යහපත් සේවක කාරකාදීන් ලැබීම.
2. ගව මහීසාදී සම්පත් ලැබීම.
3. තමනට ලැදි ආරක්ෂක - මෙහෙකරුවන් ලැබීම.
4. ප්රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබීම, තමන්ටද ප්රනීත ලෙස ආහාර පිසීමට හැකිවීම.
5. පිරිසිදු දර්ශනීය ආහාර පිසින මුළුතැන්ගෙවල් ලැබීම. අන් අය යොදා නම නියම නො කොට ඔවුනුත් සමඟ තමාත් වෙහෙසීමෙන් දන් පිළියෙළ කිරීම නිසා ලැබූ ආනිශංස පස මෙයින් කියැවේ.
බෙහෙත් පිදීමේ ආනිශංස දහය
භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ - වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච - හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම
බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.
1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි්රය විප්රයෝග දුකකට පත් නොවීම.
පාවහන් පූජාවේ ආනිශංස පහ
1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.
සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හය
පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම
1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.
අභය දානයේ – මරණ භය නැති කිරීමේ අනුසස්
අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම
භාග්යවත් බුදුරජාණන් වහන්ස, බොහෝ ආත්ම භාවයන්හිදී මම මරණයට කැප වූ, භයින් තැතිගත් සතුන් කරුණාවෙන් යුතුව මරණ භයින් මුදවාලීමි. එහි කුසල විපාක වශයෙන් සසර වසනාතුරා මේ නිවන් ලබන ආත්මය දක්වාම ආනිශංස දහයක් ලැබූවෙමි.
1. උපනුපන් ආත්ම භාවයන්හි දී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම.
2. නිරෝගී සම්පත්තිය ලැබීම.
3. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
4. රාජ රාජ මහාමාත්ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම.
5. දිව්යලෝක, බ්රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
6. කීකරු පුණ්යවන්ත පි්රයශීලී අඹු දරුවන් ලැබීම.
7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම.
8. සෑම තැනකදීම උසස් පුද්ගලයකු සේ කැපී පෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
9. උගත් නූගත්, දුප්පත් පොහොසත්, බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. ඒ අභය දානමය පිනේම ශේෂ වූ ආනිශංස වශයෙන් පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති ලාභීව මහරහතන් බවට පත්වීමට හැකිවීම.