මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

යුද්ධය නිසා දැඩි අසරණභාවයට පත් මඩකලපු සිංහල ජනතාව

මඩකලපු සිංහල ජනතාව යුද්ධය නිසා දැඩි අසරණභාවයට පත් වුණා. බොහෝ දෙනෙක් ගම්බිම් අතහැර මඩකලපුවෙන් යන්නට ගියා. ඉතිරි වෙච්ච ජනතාවට තාඩන පීඩනයන්ට ලක්වෙලා කල් ගෙවන්නේ සිදුවුණේ.

මඩකලපුව කෝරළේ පත්තු වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ල වාඩිය සිරි විවේකාරාම විහාරස්ථානය අනුබද්ධ සිරි සීලංකාර මූලික පිරිවෙන පසුගියදා නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා.

යුද්ධය පැවති සමයට පෙර සිංහල පවුල් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙන් ඉවත්ව ගියා. ඉන්පසු මේ ප්‍රදේශයේ සිංහල පාසලක් ආරම්භ කිරීමට ගොඩනැගිලි ඉදිකර කීප වතාවක් උත්සාහ කළත් එම අදහස ද සාර්ථක වුණේ නෑ. අවසානයේ දී භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි කල්කුඩා සිරි සීලාලංකාර මූලික පිරිවෙන ආරම්භ වුණා. ඒ නැගෙනහිර ආණ්ඩුකාරතුමියගේ මූලිකත්වයෙන්. 

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ පැවසුවා.

සංහිඳියා වැඩපිළිවෙළ පසුගිය කාලයේ අවභාවිතයට ලක් වුණා. අද අපි බොහෝ අභියෝග මධ්‍යයේ නැගෙනහිර පළාතේ මෙම පිරිවෙන ආරම්භ කළේ සැබෑ සංහිඳියාවක් ඇති කරන්නයි.

මෙම ක්‍රියාව තුළින් පමණයි අපි ප්‍රාර්ථනා කළ සැබෑ සංහිඳියාව ඇති වෙන්නේ. අද මෙම පිරිවෙනට සියලූ දරුවන්ට ජාති භේදයෙන් තොරව එන්න පුළුවන්. මෙයින් සියලූ දරුවන්ට බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න ලැබෙනවා. බෞද්ධකම සිංහලයන්ට පමණක් අයිති කර ගැනීම අසාධාරණයි. මෙය සියලූ ජාතීන්ට ලබාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සෑම දෙනාගේ අයිතියක්.

අපි අධ්‍යපනය අතින්, වෙළෙඳාම් අතින්, ක්‍රීඩාව අතින් ලෝකය ජය ගන්න හදනවා. නමුත් අපි හිතන්න ඕනේ ලෝකය ජයගන්න බෞද්ධ දර්ශනය තුළින්. ඒ වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනි.

මෙම අවස්ථාවට මහා සඟරුවන සමගින් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ආණ්ඩුකාර ලේකම් එල්. පී. මදනායක යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගි වුණා