මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

බොදු බැතිමතුන් නොදැනුවත්ව

ගිලන් වූ  මහ සගරුවන  සුවපත් කළ ගිලන්හල 

මේ ගිලන් මධ්‍යස්‌ථානයකි. නැතහොත් ලෙඩුනට සාත්තු සප්පායම් කරන තැනකි. එහෙත් ගැටලුව නම් ගිලන් හලද ගිලන්වී තිබීමයි.

මෙවන් ගිලන්හලක්‌ ගිලන්වීමට ඉඩදී මේ බෞද්ධ රාජ්‍යයේ වැසියකු ලෙසින් බලා සිටීමට නොහැකි බැවිණි මා එහි ගොස්‌ මේ තොරතුරු ඔබට කියන්නට යෙදුනේ. 

මේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිවූ ගිලන් මධ්‍යස්‌ථානයකි. ගල්කිස්‌සේ පිහිටා ඇති ධර් මේන්ද්‍රාරාමය හෙවත් 'වළේ පන්සලේ' පිහිටි මේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානය උපදින්නේ විහාරාධිපති මීරිගම ගෝතම හිමියන් දුටු අතිශයින් ඛේදනීය දසුනකිනි.

සෑම සිව්දෙනෙකුගෙන්ම තිදෙනෙකු බෞද්ධයන් වන මෙහෙව් රටක එවැනි සිද්ධි සිදුවනවා යෑයි පැවසීම උඩ බලාගෙන කෙළ ගසාගැනීමක්‌ නමුත් යථාර්ථය එය නම් එය සඟවා කුමට?

දිනක මීරිගම ගෝතම හිමියෝ කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. උන්වහන්සේට යාබද ඇඳක සිටි භික්‍ෂූන් වහන්සේ නමක්‌ අසලට පැමිණ රෝහල් සේවකයකු ගෝරනාඩුවක්‌ කරයි. එකී ගෝරනාඩුවෙන් අන්ත අසරණ වන භික්‍ෂුව තමන් සන්තකයේ තිබූ කලමනා ස්‌වල්පය බෑගයක දමාගෙන රෝහලෙන් බැහැරවීමට සැරසෙයි.

'ඔබවහන්සේ දැන් කොහෙටද වඩින්නේ?' එතැනට ළංවූ ගෝතම හිමියෝ විචාළහ.
'මම වඩිනවා කළුබෝවිල ඉස්‌පිරිතාලෙට'
එම ස්‌වාමීන්වහන්සේගේ පිළිතුර ගෝතම හිමියන් කම්පාවට පත් කළේය.
සිදුව ඇතතේ කුමක්‌ද?

ජාතික රෝහලේ නේවාසිකව සිටි ඒ භික්‍ෂූන් වහන්සේගේ 'ටිකට්‌ කපා' තිබුණ ද උන්වහන්සේ රෝහලෙන් බැහැරව නොගොස්‌ තවදුරටත් එහි රැඳී සිට තිබුණි. රෝහල් සේවකයාගේ දෝෂදර්ශනයට හේතුව වූයේ එයයි.  ඉතිරිය....

හිතන්න.
කළ යුත්ත කරන්න. ධර්මේන්ද්‍රාරාමයේ ගෝතම හිමියන්ගේ

දුරකථන අංකය - 0112712852
බැංකු ගිණුම් විස්‌තර:- 

ගිණුම් අංකය - 019200190002681 මහජන බැංකුව - දෙහිවල ශාඛාව
ගිණුමේ නම:- ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම


ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 ඔක්තෝබර් 27 ඉරිදා දිවයින