මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

'පින්කන්ද වනසෙනසුන' හෙවත් 'ශ්‍රී සම්බෝධි තපෝවන සෙනසුන'


අපි ඔබට ආරාධනා කරමු. 

පිංවත් ඔබ අප එකතුවෙන් ශාසනය උපකාර ලැබූ තැන අපමණය. උපකාර අවැසි අසරණ අහිංසක ගිහියන් උපකාර ලැබූ තැන් බොහොමයකි. ඉතින් අපට නොහැකිද අපි වෙනුවෙන්ම මේ සොඳුරු හුදෙකලාව ගොඩනගන්නට. ආරණ්‍ය බිම සකස්‌වන්නේ ඔබ වෙනුවෙන්මය. හුදෙකලාව සොයන ඔබගේ හෙට නවාතැන්පළ මෙයම වනු නොහැකිද? 

මේ ස්‌ථානය ඉදිකිරීමෙන් නොනැවතී එහි භාවනානුයෝගීන්ට අවශ්‍ය සප්පාය පහසුකම් සපයා එය පවත්වාගෙන යැමේ කාර්යයද කළුතර සදහම් විජය පදනම විසින් ඉටුකරනු ලබයි. ඔබට ඉතිරිවන්නේ හුදෙකලාවේ උපරිම ඵලය නෙළාගැනීම පමණි.

ලක්‍ෂ 100 කට අධික බෞද්ධයන් සිටින මේ රටේ ඔවුන් අතරින් පිංවන්තයන් 7000 ක්‌ අයෙක්‌ රුපියල් 1000 බැගින් පිරිනැමුවහොත් මේ පින්බර සිහිනය සැබෑවනවා ඇත. ඒ රුපියල් 1000 ක මුදල විටෙක ඔබේ එක්‌ කෑම වේලකට, විනෝද ගමනකට, විලාසිතාවකට වැයවන මිලටද වඩා අඩු ගණනක්‌ වනු ඇත. ඔබේ ආයතනයේ එක්‌ සංග්‍රහ කටයුත්තක්‌ වෙනුවෙන් එවැනි කිහිපගුණයක්‌ මුදල් වැයවනවා ඇත. අපි ඔබට සිතන්නට යෝජනා කරමු. ඒ මුදල ඔබ කුසලය උදෙසා ආයෝජනය කරන්න. මෙලොව, පරලොව දෙකටම ලාභ ගෙනදෙන ආයෝජනය එයම වනු ඇත.

මෙම කාර්යය පිළිබඳ වැඩි විස්‌තර දැනගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0714464335 අමතන්න. මුදලින් දායක වේ නම් කළුතර ලංකා බැංකුවේ 'සදහම් විජය පදනම' නමින් ඇති අංක 7246535 දරන ගිණුමට බැර කරන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ